පෙට්‍රල් නැවට ශ්‍රී ලංකාව කෝටි 33 ක් ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිදුවෙයි

අද දිනයේ (20) පෙට්‍රල් නෞකාවක් ගොඩ බෑමට නියමිත අතර ඒ සදහා ශ්‍රී ලංකාව ප්‍රමාද ගාස්තු ලෙස කෝටි 33 ක මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. ඉකුත් 27 වනදා එම නෞකාව මෙරටට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් එයට නියමිත මුදල් නොගෙවීම හේතුවෙන් නෞකාව දින 51 මුහුදේ නැංගුරම්ලා තිබුණා.

මෙම ප්‍රමාද ගාස්තුව වන්නේ එක් දිනකට අමෙරිකානු ඩොලර් 18,000 ක්. මේ අනුව ශ්‍රී ලංකාව මෙම නෞකාවට ගෙවා ඇති සමස්ථ ප්‍රමාද ගාස්තුව අමෙරිකානු ඩොලර් නවලක්ෂ 18,000ක්. අද දිනයේ නෞකාවේ ඇති පෙට්‍රල් තොගය මෙට්ට්‍රික් ටොන් 40,000 ක් ගොඩබෑමට නියමිතයි. මෙම ගොඩබෑමෙන් පසු අද පස්වරුව වන විට කොළඹ නගරයට බෙදා හැරීමටත් හෙට වන විට පිට පළාත්වලට ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා.