පූර්ණ සටන් විරාමයක් ගැන ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායල – ඉරාන මැදපෙරදිග යුද්ධය අවසන් බව අමෙරිකා එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ නිවේදනය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ඉරානය මීට සුළු මොහොතකට (24) පෙර නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 12ක යුද්ධය අවසන් බවත්, පූර්ණ සටන් විරාමයක් නිවේදනය කරමින් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය කිසිසේත්ම සත්‍ය නොවන බවත් ඉරානය පවසා ඇති බවයි.

ඊශ්‍රායලයට සහ ඉරානයට ක්‍රියාත්මක වන ඕනෑම මෙහෙයුමක් සම්පූර්ණ කිරීමට යම් කාලයක් ලැබෙනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ බවක් පෙනෙන්නට තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති අන්තයේ දී අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර ඊට දිනයක් හෝ දෙදිනක් තුළ පළි ගන්නා බව ඉරානය විසින් ඊයේ (23) නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, ඉරානය විසින් ඊයේ රාත්‍රියේ දී අමෙරිකානු යුද හමුදා කඳවුරු පිහිටි කටාර් සහ ඉරාකය අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ල කළා.

එසේම බහරේනය හා කටාර් ගුවන් කලාපයන් ද මෙවන් තත්ත්වයක් හමුවේ තාවකාලිකව වසා දැමුණා.

එසේම බහරේනය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

“සියල්ල කළ යුතු පරිදි ක්‍රියාත්මක වන බවට උපකල්පනය මත, ‘ද 12 දින යුද්ධය’ ලෙස හැඳින්විය යුතු දේ අවසන් කිරීමට ශක්තිය, ධෛර්යය සහ බුද්ධිය තිබීම ගැන ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරටටම මම සුබ පතමි,” ට්‍රම්ප් ඔහුගේ Truth Social වෙබ් අඩවියේ ලියා තිබීම සටන් විරාමයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කිරීමට හේතුවයි.

කෙසේවෙතත් ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඉරානය තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන තාක් කල් ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කළ ඇමතුමක දී ට්‍රම්ප් මෙම ගිවිසුමට මැදිහත් වූ බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34