පුස්සැල්ලාවේ කාන්තාවගේ ඝාතනයට පරිගණක ඉංජිනේරුවරයා අත්අඩංගුවට

පුස්සැල්ලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී හමු වූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

නුගේගොඩ, විජේරාම, රබර් වත්ත, පළවෙනි පටුමගේ කාමරයක සැඟව සිටිය දී සැකකරු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිගණක ඉංජිනේරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

හෙල්බොඩ වත්ත, කටුකිතුල, ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි සදාසිවම් නිරංජලා නැමැති 25 හැවිරිදි කාන්තාවක් නූලකින් ගෙළ තද ඝාතනය තිබිය දී ඊයේ (04) සොයා ගැනුණේ පුස්සැල්ලාව, සෝගම වත්ත උඩකොටසේ ලඳු කැලෑවක තිබියදීයි.

ඒ, වත්තේ දළු නෙලීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙම සිරුර දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහත දී විවාහ වී ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම විවාහය පළමු විවාහයෙන් පසු සිදුකරගත් ඇයගේ දෙවන විවාහය බවයි වාර්තා වන්නේ.

පසුගිය 03 වනදා මොවුන් දෙදෙනා කොළඹ සිට පුස්සැල්ලාව ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී සැකකරු කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් ද සිදු වී ඇති බවයි විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුස්සැල්ලාව පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව මිරිහාන පොලිසිය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01