ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.
මේ අතර ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනිය වන Libby Crawford ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී බොරු කර ඇති බැවින් ඇය කිසිවිටක ජයග්‍රහණය නොකළ යුතු බවයි. එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණ ලෙස කැරොලයින් ජුරි එම අවස්ථාවේදී කටයුතු කළ ආකාරය නිවැරදි බවයි Libby Crawford සඳහන් කර සිටින්නේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී අනු ශුරතාවය ආශ්‍යා බස්නායක දිනු අතර Libby Crawford සඳහන් කර සිටින්නේ පුෂ්පිකා ද සිල්වා විසින් ආශ්‍යාට හිමිවිය යුතු කිරුළ මෙන්ම ලෝක විවක රූ රැජිණ තරගාවලියට සහභාගිවීමට තිබු අවස්ථාව පැහැර ගනු ලැබූ බවයි.
එළඹෙන වසරේදී පැවැත්වෙන ලෝක විවාහ රූ රැජිණ තරගාවලිය සඳහා ආශ්‍යා බස්නායකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදිය යුතු බවටද මෙහිදී ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරිය සිය මතය සඳහන් කරමින් මෙහිදී ප්‍රකාශ කර ඇත.














Think Libby Crawford is as much a thug as Caroline J !! They should both join a boxing ring not tussel at beauty parades