රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය පුලියක සඟවා ගෝතමාලාවේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් ඒවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා තිබූ අතර, ඔහු මෙම “පුලිය” සහිත ඇසුරුම භාරගැනීමට සීදූව බන්ධිත ගුදම් සංකීර්ණය වෙත පැමිණ සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුලිය තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 101ක් මෙරටට ඒවා ඇති බවයි අනාවරණය වුණේ.
අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා භාරගැනීමට පැමිණි තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.









