පුරන් කුඹුරු අස්වැද්දීමට රුපියල් 36,000ක සහනාධාරයක්

දිවයිනේ මේ වනවිට ඇති පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර ගන්නා පුද්ගලයින්ට මුලික බිම් සැකසීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව පුරන් කුඹුරු අක්කරයක මුලික බිම් සැකසීම සඳහා රුපියල් 36,000ක මුදලක් සහනාධාරයක් වශයෙන් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩි වශයෙන් පුරන් කුඹුරු දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතේ වන අතර දැනට වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යන බවයි.

මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2749ක් වන අතර ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1012ක් වනවා.

පුරන් කුඹුරු වාර්තා වීමට ප්‍රධාන හේතුව අස්වැන්න අඩු වීම හමුවේ ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් වගා කිරීම අත්හැර දැමීම, ශ්‍රම හිඟය හා කුඹුරු අයිතිකරුවන් වි‌දේශ ගත වීම මෙන්ම ඇතැම් කුඹුරු ජලය බැස නොයාම නිසා වගුරු බවට පත්වීම නිසා බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් කුඹුරු බවට පත් වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම කුඹුරු වගා කිරීම අයිතිකරුවන්ගේ වගකීමක් බවත්, ඔවුන් විසින් වගා නොකරන්නේ නම් ගොවිජන සේවා පනත යටතේ එම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගෙන වගා කළ හැකි පුද්ගලයින්ට පැවරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බස්නාහිර පළාතේ ඇතැම් පුරන් කුඹුරු මෙන්ම වගා කටයුතු සිදුවෙන කුඹුරු ද යෝජනා ක්‍රමය යටතේ එළවළු හා පලතුරු මෙන්ම මත්ස්‍ය වගාව සඳහා ද මේ වනවිට යොදා ගෙන තිබෙන බවත්, කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වගා කළ හැකි හැම ඉඩමක්ම වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් මෙම පුරන් කුඹුරු ද වගා කිරීම සඳහා රජය සම්පූර්ණ සහයෝගය දක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

2023 වසරේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 430ක මුදලක් රජය විසින් වෙන් කර තිබෙනවා.

ඒ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන පුද්ගලයින්ට මුලික බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 36,000ක මුදලක් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?