පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරු පොලිසියට කොටු

බලපත්‍ර‍ නොමැතිව පුපුරන ද්‍ර‍‍ව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු මිටියාගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකාය කුලීගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගලගොඩ මංසන්ධියේදී කළ වැටලීමකදී ජෙලට්නයිට් කූරු 02ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 04ක්, සාමාන්‍ය සේවා නූල් 01ක්, ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 04ක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 44ක මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙසේ පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියේ කිසියම් අපරාධයක් සඳහා යෙදවීමට දැයි විමර්ශනය කරන බව විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම පිපුරුම්කාරක තත්පරයට අඩි 6400 සිට 8600 දක්වා පැතිර විය හැකි ඒවා බවත් මෙමඟින් රථ වාහන, පුද්ගලනාශක හා ගොඩනැඟිලි විනාශ කිරීමේ හැකියාවක් ඇතැයි ද එම බළකාය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?