AFC Banner
AFC Banner
Empty Ad

පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කෝකිලායි කලපුව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන පුල්මුඩේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර තිබුණේ.

එහිදී ඩෙටනේටර් 14ක්, වෝටර් ජෙල් කරල් 4ක් සහ අඩි 15ක් පමණ දිගින් යුත් සේවා නූලක් සැකකරු සතුව තිබී සොයා ගැණුනා.

29 හැවිරිදි සැකකරු පුල්මුඩේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?