පුපුරන ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කෝකිලායි කලපුව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ උදෑසන පුල්මුඩේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර තිබුණේ.
එහිදී ඩෙටනේටර් 14ක්, වෝටර් ජෙල් කරල් 4ක් සහ අඩි 15ක් පමණ දිගින් යුත් සේවා නූලක් සැකකරු සතුව තිබී සොයා ගැණුනා.
29 හැවිරිදි සැකකරු පුල්මුඩේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













