2030 වන විට මෙරට ජාතික අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම වත්මන් රජයේ ඉලක්කය බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එමෙන්ම විදුලි බිල තවදුරටත් අඩු කිරීමට නම් පුනර්ජනනීය බලශක්තිය තවදුරටත් ජාතික පද්ධතියට කාර්යක්ෂමව එක් කර ගත යුතු බව ඔහු පවන්නේ.පුනර්ජනනීය බලශක්තිය වැඩසටහනට වඩාත්ම සුදුසු පළාත් ලෙස උතුරු නැගෙනහිර පළාත් හදුනාගෙන ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී ප්‍රකාශ කළා
බැක් පේ සෝලා ආයතනයේ සූර්ය ශක්ති වැඩසටහන යටතේ තවත් උප මධ්‍යස්ථානයක් එරාවුර් කොම්මාතුරෙයි ප්‍රදේශයේ අද විවෘත කෙරුණා.
මෙමගින් මෙගාවොට් දෙකක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.
