පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් තුළ ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් එහි සිසුවියන් 05 දෙනෙකු සහ සිසුන් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ එම පිරිස ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බවයි ගොකරැල්ල පොලීසිය සඳහන් කළේ.
එහිදී එක් සිසුවියක් සහ සිසුන් තිදෙනෙක් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ද, සිසුවියන් 04 දෙනෙකු සහ එක් සිසුවෙකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට ද ඇතුළත් කර තිබෙනවා.
ඉබ්බාගමුව, බක්මීගොල්ල ප්‍රදේශයේ පිහිටි මෙම පුද්ගලික අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභගාය අසමත් දරුවන් නේවාසික අධ්‍යාපනය ලබන බවයි වාර්තා වන්නේ.
ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගොකරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.




