Empty Ad
AFC Banner
Empty Ad

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරු

ඊයේ (24) පස්වරුවේ ස්ථාන දෙකකින් මාරක රිය අනතුරු වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඉන් එක් අනතුරක් ඊයේ (24) සවස් කාලයේ දී බිංගිරිය පොලිස් වසමේ තාරණ පඩිවෙල මාර්ගයේ උඩවෙල පාලම අසල දී සිදු ව ඇති බවයි.

තාරණ දෙස සිට උඩවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මියගොස් ඇත්තේ 44 හැවිරිදි තාරණ උඩවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ රාත්‍රි කාලයේ දී පොල්ගහවෙල – අලව්ව මාර්ගයේ මැද්දලන්ද ප්‍රදේශයේ දී අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් 45-48 හැවිරිදි වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>