පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරු

ඊයේ (24) පස්වරුවේ ස්ථාන දෙකකින් මාරක රිය අනතුරු වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඉන් එක් අනතුරක් ඊයේ (24) සවස් කාලයේ දී බිංගිරිය පොලිස් වසමේ තාරණ පඩිවෙල මාර්ගයේ උඩවෙල පාලම අසල දී සිදු ව ඇති බවයි.

තාරණ දෙස සිට උඩවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මියගොස් ඇත්තේ 44 හැවිරිදි තාරණ උඩවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ රාත්‍රි කාලයේ දී පොල්ගහවෙල – අලව්ව මාර්ගයේ මැද්දලන්ද ප්‍රදේශයේ දී අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් 45-48 හැවිරිදි වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?