පුතාගේ මාරාන්තික පහරින් අවසන් ගමන් ගිය පියා

ගලඋඩ, ගෝඩුන්න ප්‍රදේශයේ දී පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුත්‍රයා සිදුකළ පහරදීමකින් පියා මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

දෙදෙනා අතර අද (30) අලුයම මෙම ගැටුම හටගෙන ඇති අතර, එම අවස්ථාවේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ 28 හැවිරිදි සැකකර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලඋඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
3
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?