AFC Banner
AFC Banner
Empty Ad

පුත්තලම සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ සිට පුත්තලම බලා අද (18) අලුයම ධාවනය වූ දුම්රිය අතර මඟ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොළඹ සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියක් ද අතර මඟ දී කාර්මික දෝෂයකට ලක්වීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර රඹුක්කන සිට කොළඹ බලා අද උදෑසන ධාවනය වීමට නියමිත දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, එය අලුත්වැඩියා කරගැනීමෙන් පසු යළි කොළඹ බලා ධාවනය අරඹා ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?