පුටින් – මෝදිට දුරකතනයෙන් අමතයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඊයේ දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

“ඇලස්කාවේ දී ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව පිළිබඳ අදහස් බෙදා ගැනීම සඳහා දුරකතන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් මගේ මිත්‍ර ජනාධිපති පුටින්ට ස්තුතියි .” යනුවෙන් ඉන්දීය අගමැතිවරයා X සටහනක් තබමින් පැවසුවා.

යුක්රේන ගැටුම සාමකාමීව විසඳා ගන්නා ලෙස ඉන්දියාව නිරන්තරයෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ගන්නා සියලු උත්සාහයන්ට සහාය දක්වන බවද මෝදිගේ X සටහනේ දැක්වෙනවා.

එමෙන්ම ඉදිරි දිනවලදී අඛණ්ඩව අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද මෝදි පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?