පුටින් අද නවදිල්ලියට

රුසියාව සහ චීනය සමඟ “සහයෝගීතාවය” “ගුණාත්මකව නව මට්ටමකට” ඔසවා තැබීම මොස්කව් හි අරමුණ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවා.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් අද සහ හෙට 23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර පුටින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

අඟහරුවාදා මොස්කව්හි පැවති ආයෝජන සංසදයක දී අදහස් දක්වමින් පුටින් පැවසුවේ බලශක්ති, කර්මාන්ත, අභ්‍යවකාශ, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් අංශවල ඒකාබද්ධ ව්‍යාපෘති රාශියක අරමුණ බීජිං සහ නවදිල්ලිය සමඟ සබඳතා ඉහළ නැංවීම බවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් තමා සැලකිය යුතු සංවාදයක් ස්ථාපිත කර ඇති බවත්, අගමැති මෝදි සමඟ ඔහුගේ සංචාරයේදී එය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් පුටින් තවදුරටත් පැවසුවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට පැමිණෙනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එක්සත් ජනපදය ඉන්දියාවට දැඩි පීඩනයක් යොදා ඇති මොහොතක සිදුවීම හේතුවෙන් මෙම සංචාරය සඳහා විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබෙනවා.

සංචාරය අතරතුර දෙරයේ නායකයින් ආරක්ෂක සබඳතා ඉහළ නැංවීම, දෙරට අතර වෙළඳාම බාහිර පීඩනයෙන් නිදහස් කරගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තැබීමට ද සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?