පුංචි ශ්‍රී පාද කඳුවැටියේ ගින්නක්

ඊයේ (13) සවස ඇල්ල, පුංචි ශ්‍රී පාද කඳුවැටියේ ගින්නක් හටගෙන තිබෙනවා.

යුද හමුදා නිලධාරීන් විසින් අද (14) අලුයම සිටම උත්සාහ දැරූව ද ගින්න පාලනය කිරීමට නොහැකිව තිබුණා.

හිඹිලියගොල්ල සහ ගල්ලෙනකුඹුර යන ගම්මාන වලට ගින්න පැතිර යාම පාලනය කළ ද රක්ෂිතයේ ගින්න තවමත් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වියළි කාලගුණය සහ දැඩි බෑවුම් සහිත තත්ත්වය හේතුවෙන් අක්කර 80 කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !