පුංචි දියණියක් මිණිපේ යෝධ ඇලට වැටී මියයයි

හසලක පොලිස් වසමේ උල්පතගම ප්‍රදේශයේදී අද (10) මිණිපේ යෝධ ඇලට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

මියගිය දැරිය වයස අවුරුදු 01 මාස 03 ක් වන ගුරුගම්මානය , උල්පතගම ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මියගිය දැරිය තම වැඩිමහල් සහෝදරයා සමඟ අසල පිහිටි නිවසට ගොස් සෙල්ලම් කරමින් සිට ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇලට ගොස් එයට වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන හසලක රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඒ වන විටත් දැරිය මියගොස් සිට ඇත .

මෘත ශරීරය හසලක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .