spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් පත් කිරීමට අවසර

ඉකුත් මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සඳහා පත්කර තිබෙන නව සාමාජිකයින් නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම සඳහා නව සාමාජිකයින් පිරිසක් පත්කර තිබෙන බව දන්වා සිටියා.

ඒ, අනුව එම නව සාමාජිකයින් අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පැෆ්රල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් මුදල් අමාත්‍යංශයෙන් ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?