පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළ ව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව පුංචි ඡන්දය සඳහා රුපියල් 74 ත් රුපියල් 160 ත් අතර මුදලක් එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි බවයි වාර්තා වන්නේ.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවනවා.
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළ ව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.