පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් – සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම්දීමක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට 24,25,28 සහ 29 දිනයන් වෙන්කර තිබෙනවා.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිසියේ නිලධාරීන් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් සභාපතිවරයා පැවසුවා.

ඒ, පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇති බවත් ඒ සඳහාවන තැපැල් ඡන්ද පත්‍රිකා මහනුවරට ලැබෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඊට අමතරව සිරි දළදා වන්දනාවේ රාජකාරිවල යෙදී සිටින යුද හමුදා නිලධාරීන්ට ඔවුන් අනුයුක්ත වී සිටින හමුදා කඳවුරුවල සහතික කරන නිලධාරියෙක් ඉදිරිපිට තැපැල් ඡන්දය භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර මැතිවරණයට අදාළව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහ වහනවල අඩුවක් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක වැඩිදුරටත් පවසන්නේ.

මේ වනවිට සියලු රාජ්‍ය නිලධාරීන් සහ වාහනවල සංගණනය සිදුකරමින් සිටින බව සඳහන් කළ සභාපතිවරයා සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් මැතිවරණය සඳහා සහාය දීමට බැඳී සිටින බවයි දැනුම් දෙන්නේ.

ඒ, සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති පනවා ඇති බැවින් මැතිවරණ නීති උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් වෙත සභාපතිවරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29