පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමඟ දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.

තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නා.

එහිදී, මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වුණා.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණා.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කළා.

එමෙන්ම වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් ලබා දෙන දත්ත සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ආපදා තත්ත්ව වළක්වා ගැනීම සඳහා පූර්ව සැලසුම් සකස් කරන ලෙසත්, අධික වැසි තත්ත්වය සමඟ වාරිමාර්ග පද්ධතිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ඒ පිළිබඳ ඉතා සමීපව අධ්‍යයනය කරමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී මහවැලි සහ වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නා.

තම දිස්ත්‍රික්කවල මතුව ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මෙම රැස්වීමට එක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලද අතර ඒ මත පදනම් ඉහත තීන්දු තීරණවලට එළඹුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34