Empty Ad
AFC Banner
Empty Ad

පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සැබෑ නිදහසයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අදට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

“සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීමයි. එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇත. එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වේ.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇත. සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට අප ඔබට පොරොන්දු වෙමු.
එසේම මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදුකිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි මම ඉල්ලා සිටිමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?