පිලිප් ගුණවර්ධන ගුණ සැමරේ(ඡායාරූප)

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ඊයේ (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පිලිප් ගුණවර්ධන මහතාගේ ජීවන ගමන අළලා සැකසු කෙටි චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ඒ මහතා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් එළි දැක්වීමද සිදු කෙරුණා.

මහා සංඝරත්නය,හිටපු ජනාධිපතිවරු, මැති ඇමතිවරුන් හා විදේශ නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

පිලිප් ගුණවර්ධන මහතා වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියායි.

WhatsApp Image 2023 03 30 at 11.12.34
WhatsApp Image 2023 03 30 at 11.12.33 1
WhatsApp Image 2023 03 30 at 11.12.33
WhatsApp Image 2023 03 30 at 11.12.32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?