සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.
2006 වසරේ දී නැගෙනහිර පළාතේ උපකුලපතිවරයෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල දී නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුව අද (02) දහවල් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා.
2025 වසරේ අප්‍රේල් මාසයේ මඩකලපුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පිල්ලෙයාන්, රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1













