පිරිසක් නගර සභාවේ ඉඩමක් අත්පත් කරගනී.. පොලිසිය පැමිණ උණුසුම් තත්ත්වයක්…

තලවකැලේ ලිදුල නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ අක්කර 4 ½ පමණ ඉඩම් කැබැල්ලක් තලවකැලේ ප්‍රදේශවාසින් පිරිසක් විසින් නගර සභාවේ අනුමැතියකින් තොරව අත්පත් කරගෙන තාවකාලික කුඩාරම් ඉදි කර ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ වැඩ බලන සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පැරණි සුසාන භුමිය අසල අක්කර 9 කින් යුත් ඉඩමෙන් අක්කර පහක පමණ ඉඩමක නිවාස යෝජනා ක්‍රමයක් දියත් කර තිබු අතර , එම ඉඩමේ අක්කර 4 ½ පමණ කොටසකුයි මෙසේ (10) දින අත්පත් කරගෙන ඇත්තේ.

එම ඉඩම අත්පත් කරගත් තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටින්නේ තමන්ට වසර ගණනාවක සිට ඉඩම් කැබැල්ලක් හෝ නිවසක් නොමැති බවත්, වසර ගණනාවක සිට කුලි පදනම මත ලබාගත් නිවාස වල තවදුරටත් පදිංචිව සිටින බවයි.

පසුගිය මැතිවරණ කාලයේ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදෙන බවට දේශපාලඥයින් පොරොන්දු වුවද එම පොරොන්දු ඉටු නොකල නිසා තමන් මෙසේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඉඩ කැබැලි කිහිපයක් අත්පත් කරගත් බවත්, එම ඉඩම් කැබැල්ලෙන් තවත් ඉඩම් කිහිපයක් තලවකැලේ ලිදුල නගර සභාවේ නාගාරික මන්ත්‍රිවරුන් සහ දේශපාලන අධිකාරිය සමග සම්බන්ධකම් පවත්වන කිහිප දෙනෙකුද අත්පත් කර ගැනිමට කටයුතු කරමින් සිටින බවයි.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර පොලිස් නිලධාරින් සමග නගර සභාව සතු යැයි කියන ඉඩමේ අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට යාමේදි එම ඉඩම් අත්පත් කරගත් පිරිස සභාපතිවරයා අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා එම ඉඩම් අත්පත් කරගත් පිරිසගේ දැඩි විරෝධය මැද්දේ එම ඉඩම නගර සභා සේවකයන් යොදා තාවකාලික වැටක් ඉදි කරනු ලැබුහ.

තලවකැලේ පොලිසියේ නිලධාරින් ඉඩම් අත්පත් කරගත් අය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට නගර සභාවෙන් පැමිණිල්ලක් කර ඇති බවත්, එම පැමිණිල්ල අනුව ඉඩම් අත්පත් කරගෙන ඇති අය ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් නිතියානුකුල ලිඛිත ලියකියවිලි  ඇත්නම් එය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09