AFC Banner
Empty Ad
Empty Ad

පියල් නිශාන්ත එළියට එයි: පවිත්‍රා IDH රෝහලට

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ වනවිට සුවය ලබා නිවෙස බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට තවත් දින කිහිපයක් නිවෙසේ නිරෝධායනය වීමට සිදුවනු ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?