පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට නව වෙබ් අඩවියක්

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්වයි මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙය එළිදැක්වූ අතර breastcancerdetect.health.gov.lk යන වෙබ් අඩවියෙන් ඊට පිවිසිය හැකියි.

පිළිකාව පිළිබඳ දැනුවත් වීම, පරීක්ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම මෙමගින් සිදු කර ගැනීමට හැකියාව පවතිනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

2019 වසරේ දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වූ අතර එය 2020 වන විට 5000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

2019 දී වාර්තා වූ රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන්.

2020 වන විට ඇස්තමේන්තුගත වාර්තා අනුව කාන්තාවන් ලක්ෂයකට 27 දෙනෙකු මෙරටින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් ලක්ෂයකට 11 දෙනෙකු මිය යන මට්ටමක් වාර්තා වනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 – 50 ඉක්මවූ කාන්තාවන්.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියාසිටියේ කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාව තුළ බොහෝ පරිවර්තනයන් ඇතිවූ අතර විශේෂයෙන් අන්තර්ජාල වේදිකා භාවිතය ඉහළ යාමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද එය පරිවර්තනීය වෙනසකට යොදා ගැනීමට හැකි වූ බවයි.

විශේෂයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහා මෙවැනි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගැනීම අතිශය වැදගත් බවද සංවර්ධිත රටවල් බොහොමයක් මෙවැනි ක්‍රමවේද කලකට පෙර භාවිතයට ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළා.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට එවැනි ක්‍රමෝපායන් කරා එකවර යා නොහැකි වුවත් එවැනි ක්‍රමෝපායන් කරා පරිවර්තනය වීම කාලීන අවශ්‍යතාවයක් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු මහත්මිය..

පියයුරු පිළිකාව කලින් හඳුනා ගතහොත් ශල්‍යකර්ම ඖෂධ භාවිතය විකිරණ ක්‍රමවේද මඟින් නිට්ටාවටම සුවකර ගත හැකි බවත් පියයුරු ආශ්‍රිත සම ඝනවීම ,සම මතුපිට වල ගැසීම, තනපුඩුව මත කුෂ්ඨ ඇති වීම,තන පුඩුවෙන් අසාමාන්‍ය දියරයක් ගැලීම, තනපුඩුව ඇතුළට ගිලීම, තද ගැටිති,පියයුරු වල ප්‍රමාණය හා හැඩය වෙනස් වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එම වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වී දිනයක් වේලාවක් වෙන් කරගෙන හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකට හෝ රජයේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි බවත් පෙන්වා දුන්නා.

පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන නාරාහේන්පිට ජාතික පිළිකා මර්දන කාර්යාලයට අමතරව රත්නපුර, මාතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලද එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර එයට අමතරව දිවයිනේ ප්‍රධාන රෝහල් 24ක පියයුරු පිළිකා සායන පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58