පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් පිරිසකට තුවාල

පිපිරීමක් හේතුවෙන් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී අදාළ පිපිරීම පසුගිය ඉරිදා (21) දිනයේ සිදුව තිබෙනවා.