AFC Banner
Empty Ad
Empty Ad

පිඑච්අයි සංගමය හදිස්සියේ කල ප්‍රකාශය

නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවය.

“අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීම සහ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණේ. අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරනවා. ඒ නිසා තව කොතරම් දුරට දීර්ඝකළත් අපි පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම්, මෙවැනි ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා නම්,  අපි නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම්. ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම්. මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලපත්‍ර ලබාදීමක් සිද්ධ වෙනවා. ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කරලා තිබෙනවා ගමන් කිරීම සඳහා මේ පාර්ශව අතර කිසිදු අත්‍යවශ්‍ය නොවන පාර්ශව විශේෂයෙන් එකම ආහාර අලෙවිකිරීම සඳහා විශාල සංඛ්‍යාවක් මාර්ගයේ ගමන්කරනවා. ප්‍රවාහනය කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ගමන් කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා නිසි ආකාරව පරික්ෂාකරලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?