පිඑච්අයි සංගමය හදිස්සියේ කල ප්‍රකාශය

නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවය.

“අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීම සහ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණේ. අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරනවා. ඒ නිසා තව කොතරම් දුරට දීර්ඝකළත් අපි පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම්, මෙවැනි ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා නම්,  අපි නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම්. ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම්. මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලපත්‍ර ලබාදීමක් සිද්ධ වෙනවා. ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කරලා තිබෙනවා ගමන් කිරීම සඳහා මේ පාර්ශව අතර කිසිදු අත්‍යවශ්‍ය නොවන පාර්ශව විශේෂයෙන් එකම ආහාර අලෙවිකිරීම සඳහා විශාල සංඛ්‍යාවක් මාර්ගයේ ගමන්කරනවා. ප්‍රවාහනය කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ගමන් කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා නිසි ආකාරව පරික්ෂාකරලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09