AFC Banner
Empty Ad
Empty Ad

පැහැරගත් තරුණියකගේ මළසිරුර තේ ඉඩමකින් හමුවෙයි

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදී තිබී තරුණියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් සිටියදී හමුව ඇති තරුණිය මේ වන විට හදුනාගෙන ඇති අතර ඇය තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි.

මිය ගොස් ඇති තරුණිය ගෙල කපා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බව වාර්තා වෙයි.

ඊයේ (08) දින ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව සඳහන්.

එම සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?