වත්මන් රජය බලයට පත්වීමේ දී පැවසූ ආකාරයට කිසිදු අයුරකින් රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පවසනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, බලයට පත්වීමට පෙර රජයෙන් කියූ දෑ බොල් සිහින බවට පත්වී ඇති අතර, මහ දවාල් පවා නිවෙස් වෙත පැමිණ ආයුධ පෙන්වා බියගැන්වීම් සිදු කරන තත්ත්වයකට රට පත් වී ඇති බවයි.
රට තුළ පාතාලය හිස ඔසවා ඇති බවත්, උජාරුවට දෙසා බෑ ජාතික අභිමානය මේ වනවිට වළපල්ලට ගොස් ඇති බැවින් රටට ම ජත්‍යන්තරය හමුවේ හිඟාකෑමට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
රාජපක්ෂ පවුල් පාලනය හේතුවෙන් රටේම ගොවි ජනතාවට සහනාධාර ලෙස ලද පොහොර තොගය ද අහිමි වී මේ වනවිට ලබන අස්වැන්න ද බොහෝ සෙයින් අඩුව ඇති බවයි මන්ත්‍රී අලවතුවල සඳහන් කළේ.
රට එන්න එන්නම අගාදයට වැටෙමින්, තේ නිෂ්පාදනය පවා බිඳ වැටෙමින් දූෂිත පාලන ක්‍රමයක් මතුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.




