පැල්මඩුල්ලේ නීතිඥවරියක් නිදියහනේ දී අභිරහස් ලෙස මිය ගිහින්

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් සිය නිදියහනේ අභිරහස් ලෙස මියගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශය පදිංචිව සිටි දුෂ්මන්ති අබේරත්න නැමැති 40 හැවිරිදි කාන්තාවක්.

අදාළ නීතිඥවරියගේ නිවසේ සේවය සඳහා පැමිණෙන කාන්තාවක් මේ පිළිබඳව දැනගත් පසු සිදුකළ දැනුම්දීමකදීයි මළ පොලීසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ.

එම කාන්තාව දෛනික රාජකාරී කටයුතු සඳහා අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෙනදා මෙන්ම නිවසේ ඉදිරි පස දොර අඟුලු නොදමා වසා තිබුන බවත්, තමන් නිවසට ඇතුළු වී මුළුතැන්ගෙට ගොස් එහි වැඩ කටයුතු ආරම්භ කළ බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

පසුව නිවස හිමි නීතිඥවරිය පිළිබඳව සිදුකළ සොයා බැලීමේ දී ඇය ඇඳේ සිටි බවත්, ඇයගේ පාදයක් අල්ලා බැලීමේ දී වෙනසක් තමන්ට දැනුණු බවයි එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ.

පසුව ඒ පිළිබඳව අසල්වැසි නිවසේ කාන්තාවට දැනුම් දුන් බවයි නිවසේ සේවයට පැමිණි කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අනතුරුව පොලිසිය පැමිණ මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය කහවත්ත මූලික රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ⁣යොමුකර එහි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

නීතිඥවරියගේ මෙම අභිරහස් මරණය පිළිබඳව පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, මෙය ඝාතනයක් ද නැත්නම් වෙනත් හේතුවකින් සිදු වූ මරණයක් ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි සඳහන් කර සිටියේ.

මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට කැදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49