පැරිස් සමාජයේ සභාපති සහ මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් අතර හමුවක්

පැරිස් සමාජයේ සභාපති එම්මානුවෙල් මවුලින් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් පැවැත් වුණා.

මෙම හමුව සඳහා පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස්, උප සභාපති ක්‍රිස්ටෝෆ් බොරිස් යන අය ද එක්ව සිටියා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සහයෝගය අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වූ බවත්, පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දක්වන සහයෝගය හා උත්සාහය අගය කිරීමට අවස්ථාවක් කරගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර IMF සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවට එක්ව සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්ෂින් චෙන් ද හමු වුණා.

සභාපතිවරයා පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව සහාය දෙන බවයි.

තවදුරටත් මූල්‍යකරණය අවශ්‍යතා ලබාදීමට සූදානම් බව ද ඔහු එහිදී පවසා තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව තවත් සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) උප සභාපති රිකාඩෝ පුලිටි සමඟ පවත්වා තිබුණා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා IFC හි අඛණ්ඩ සහාය ලබාදෙන බව සහතික වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07