පැන්ඩෝරා ලිපි වලට රනිල් වික්‍රමසිංහගේ නමත් ගෑවෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් විසින් ලියන ලද ලිපියක් පැන්ඩෝරා ලිපි මගින් හෙළිදරව් කර තිබෙනවා.

මෙම ලිපියේ කරුණු අන්තර් ගතව ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් සම්බන්ධයෙන් වන අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.

එම ලිපියේ දිනය 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 15 වෙනිදා ලෙස සටහන්ව ඇති අතර, ඔහු එය ලියා ඇත්තේ මල්වාන නිවස සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට පත්වූ දිනයේදී වීමද විශේෂත්වයක්.

” තමන් අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු විසින් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ගේ නමට ලියන ලද ලිපියක් පැන්ඩෝරා ලේඛණ මගින් හෙළිදරව් වී තිබෙනවා. එම ලිපිය මගින් ඔහු තමාගේ නිවැරදිභාවය ඔප්පු කර පෙන්වා දැරිමට කටයුතු කර තිබෙනවා.

තමන්ට අයත් ඉඩමේ බැසිල් රාජපක්ෂ මහතා විසින් නිවසක් තනා ඇති බවට දැක්වෙන තොරතුරක් මාධ්‍ය විසින් වාර්තා කරන තෙක් තමන් නොදැන සිටිය බව ද මෙහිදී ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම් හේතුවෙන් තමන්ගේ නමට සහ තත්ත්වයට කැළලක් ඇතිවීම වැළැක්වීම සඳහා එම ඉඩම තමන් විකුණා දැමු බවද ඔහු එම ලිපියෙන් කරුණු දක්වා තිබෙනවා” යැයි මෙම ගවේෂණාත්මක හෙළිදරව්ව සිදුකළ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ එකමුතුව පවසනවා.

” තමන් අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නොමැති බැවින් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස” ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

” තමන්ගේ ගණුදෙනු විනිවිද භාවයකින් යුක්ත බවත්, සියලු කරුණු වාර්තාකොට ඇති බව” ද ඔහු මෙහිදී සඳහන් කර ඇත. එමෙන්ම මෙම නඩුව පදනම් වී ඇත්තේ විශ්වාසකළ නොහැකි සාක්ෂිකරුවෙකු මත බව පවසා සිටින ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් තමන් කිසිදු වරදක් නොකළ බවටද සඳහන් කර ඇත.

243113870 390455225989902 2597187394482007001 n
243128186 303156681182073 7879781916235297863 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34