Empty Ad
AFC Banner
Empty Ad

පැනමාව රැකගැනීමට අමෙරිකාවෙන් ආරක්ෂකයෙක් යවයි

චීනයේ බලපෑමෙන් ප්‍රබල රාජ්‍යයන් විකේන්ද්‍රණයක් සිදු කරන පැනමා ඇළ ආරක්ෂා කරගැනීම සඳහා අමෙරිකාව විශේෂ අණදෙන නිලධාරියෙකු යවා ඇති බවට වාර්තා වනවා.

‘චීනයේ බලපෑමෙන් සහ පාලනයෙන් පැනමා ඇළ ප්‍රදේශය ආරක්ෂා කිරීම’ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් මධ්‍යම අමෙරිකාවට පැමිණෙන බවට පැනමාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැනමා ඇළ චීනයෙන් “ආපසු ලබා ගැනීම” පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව, එක්සත් ජනපද හමුදාවේ දක්ෂිණ අණදෙන නිලධාරියා පෙබරවාරි 19-20 දිනවල දී එරටට පැමිණ “පැනමා ඇළ ප්‍රදේශය චීනයේ බලපෑමෙන් සහ පාලනයෙන් ආරක්ෂා කිරීම” සඳහා ආරක්ෂක සහයෝගීතාව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් චීනය කියා සිටියේ බීජිං නුවර කිසි විටෙකත් පැනමා ඇළ කළමනාකරණයට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වී නොමැති බවයි.

අමෙරිකාව පවසන පරිදි පැනමා ඇළ චීනය පාලනය කරන වන බවට පැවසෙන සියලු පුවත් චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?