පැතිර යන අසත්‍ය ප්‍රචාරයක් ගැන කැලීන් සමාගමෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක් (ඡායාරූප)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කැලීන් බේබි සබන් ගැන අසත්‍යය තොරතුරු සඳහන් මඩ පත්‍රිකාවක් සංසරණය වෙමින් පවතින බවට එම සමාගම සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් පවසනවා.

කැලීන් ආයතනය නිවේදනය කර ඇත්තේ; එය කවුරුන් විසින් කුමක් අරඹයා සිදු කරන්නේ ද යන කාරණය පිළිබඳ ව සොයාගෙන ඇති බවත්; ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිටත් සිය ආයතනය කටයුතු කර ඇති බවයි.

කැලීන් සබන් නිෂ්පාදන තහනම් කර හෝ වෙළෙඳපොළේ විකිණීම තහනම් කර නොමැති බව ද එම සමාගම පවසනවා.

කැලීන් මේ වනවිට වැඩිම ප්‍රමිතීන් සහ තත්ත්ව සහතික හිමි ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙසට ද පසුගියදා නම්කෙරුණු බවත්; මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසටයි එම සමාගම හිතවත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ බේබි සබන් වර්ග බොහොමයක් විකිණීමට තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය හිමිව ඇත්තේ බේබි සබන් වර්ග03ක පමණක් බව කැලීන් සමාගම දැනුම්දී තිබෙනවා.

එවන් පසුබිමක එම SLS සහතිකය හිමි වූ ප්‍රධාන පෙළේ බේබි සබන් වර්ග අතරින් එක් ආයතනයක් කැලීන් බැවින් කවුරුන් හෝ මෙලෙස මඩ ව්‍යාපාරයක් දියත් කරමින් පවතින බවටයි එම සමාගම නිකුත් කළ ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.

ප්‍රමිති සහ තත්ත්ව සහතික ගණනාවකට හිමිකම් කියන කැලින් බේබි සබන් සඳහා සත්ත්ව රූප හැඩයන් හඳුන්වාදීමෙන් පසු, වෙළෙඳපොළේ සිදු වූ දැවැන්ත වාර්තාගත අලෙවියත් සමග එය දරාගත නොහැකි වූ අනෙකුත් තරගකාරී සබන් ව්‍යාපාර විසින් මෙම අසත්‍ය මඩ ප්‍රචාරය කරමින් පාරිභෝගිකයාට වැරදි තොරතුරු ලබාදෙමින් සිටින බවට ද කැලීන් සමාගම පවසනවා.

ඕනෑම පුද්ගලයෙකුට කැලීන් සබන් පිළිබඳව යම් සැකයක් ඇත්නම් සිය ආයතනයට පැමිණ පරීක්ෂා කිරීමට ආරාධනය කරන බවත්; ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල වෙබ් අඩවියට ගොස් පාරිභෝගිකයින් හට සිය ආයතනයේ නිෂ්පාදනයේ SLS තත්ත්ව සහතිකය පරීක්ෂා කළ හැකි බවත් එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලබා දෙන්නට තම සමාගම නිරතුරුවම ඇප කැප වී සිටින බවත්; එම මඩ ප්‍රචාරවලට නොරැවටී තම සමාගම විශ්වාස කරමින් රැඳී සිටින පාරිභෝගික ඔබ සැමට ආයතනික ස්තුතිය පුද කරන බවත් කැලීන් සමාගම අවසන් වශයෙන් නිවේදනය කරනවා.

කැලීන් සමාගමේ නිෂ්පාදන ගැන අසත්‍ය ප්‍රචාර පළ කරන පෝස්ටුවක් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?