පැතිර යන අසත්‍ය ප්‍රචාරයක් ගැන කැලීන් සමාගමෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක් (ඡායාරූප)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කැලීන් බේබි සබන් ගැන අසත්‍යය තොරතුරු සඳහන් මඩ පත්‍රිකාවක් සංසරණය වෙමින් පවතින බවට එම සමාගම සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් පවසනවා.

කැලීන් ආයතනය නිවේදනය කර ඇත්තේ; එය කවුරුන් විසින් කුමක් අරඹයා සිදු කරන්නේ ද යන කාරණය පිළිබඳ ව සොයාගෙන ඇති බවත්; ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිටත් සිය ආයතනය කටයුතු කර ඇති බවයි.

කැලීන් සබන් නිෂ්පාදන තහනම් කර හෝ වෙළෙඳපොළේ විකිණීම තහනම් කර නොමැති බව ද එම සමාගම පවසනවා.

කැලීන් මේ වනවිට වැඩිම ප්‍රමිතීන් සහ තත්ත්ව සහතික හිමි ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙසට ද පසුගියදා නම්කෙරුණු බවත්; මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසටයි එම සමාගම හිතවත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ බේබි සබන් වර්ග බොහොමයක් විකිණීමට තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය හිමිව ඇත්තේ බේබි සබන් වර්ග03ක පමණක් බව කැලීන් සමාගම දැනුම්දී තිබෙනවා.

එවන් පසුබිමක එම SLS සහතිකය හිමි වූ ප්‍රධාන පෙළේ බේබි සබන් වර්ග අතරින් එක් ආයතනයක් කැලීන් බැවින් කවුරුන් හෝ මෙලෙස මඩ ව්‍යාපාරයක් දියත් කරමින් පවතින බවටයි එම සමාගම නිකුත් කළ ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.

ප්‍රමිති සහ තත්ත්ව සහතික ගණනාවකට හිමිකම් කියන කැලින් බේබි සබන් සඳහා සත්ත්ව රූප හැඩයන් හඳුන්වාදීමෙන් පසු, වෙළෙඳපොළේ සිදු වූ දැවැන්ත වාර්තාගත අලෙවියත් සමග එය දරාගත නොහැකි වූ අනෙකුත් තරගකාරී සබන් ව්‍යාපාර විසින් මෙම අසත්‍ය මඩ ප්‍රචාරය කරමින් පාරිභෝගිකයාට වැරදි තොරතුරු ලබාදෙමින් සිටින බවට ද කැලීන් සමාගම පවසනවා.

ඕනෑම පුද්ගලයෙකුට කැලීන් සබන් පිළිබඳව යම් සැකයක් ඇත්නම් සිය ආයතනයට පැමිණ පරීක්ෂා කිරීමට ආරාධනය කරන බවත්; ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල වෙබ් අඩවියට ගොස් පාරිභෝගිකයින් හට සිය ආයතනයේ නිෂ්පාදනයේ SLS තත්ත්ව සහතිකය පරීක්ෂා කළ හැකි බවත් එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලබා දෙන්නට තම සමාගම නිරතුරුවම ඇප කැප වී සිටින බවත්; එම මඩ ප්‍රචාරවලට නොරැවටී තම සමාගම විශ්වාස කරමින් රැඳී සිටින පාරිභෝගික ඔබ සැමට ආයතනික ස්තුතිය පුද කරන බවත් කැලීන් සමාගම අවසන් වශයෙන් නිවේදනය කරනවා.

කැලීන් සමාගමේ නිෂ්පාදන ගැන අසත්‍ය ප්‍රචාර පළ කරන පෝස්ටුවක් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10