පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා ක්‍රමවේදය යළිත් ආරම්භ කරන බවත් ඉදිරියේදී ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.විවිධ මත්ද්‍රව්‍ය ටොෆී හෝ වෙනත් සූක්ෂම ආකාරයෙන් පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක වීමේ කාලය එළඹ ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරනවා.
අප පාසල් දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත්, ලබන සතියේම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙමව්පියන් සහ පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා













