AFC Banner
Empty Ad
Empty Ad

පාසැල් පෙළ පොත් මුද්‍රණය ඇණ හිටින ලකුණු

නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පවසනවා.
පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් පමණ ඉහළ යෑම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයිද ඇය සඳහන් කර සිටිනවා.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද දැනුම් දුන් බවත් මේ සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවයි කියා සිටියේ.

රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවද ඇය සඳහන් කළා.

මුද්‍රණ කඩදාසි ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ සහ එහි ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් එම දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?