පාස්කු සිදුවීම ජනාධිපවතිවරයා දැන සිටියා – කාදිනල් හිම

ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවත්වුණා. එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ විශේෂ ප්‍රකාශයක් කළා.
උන්වහන්සේ එහිදී කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ජනාධිපවතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් දැන සිටියද මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඒ සියලු දේ වසන් කල බවයි.

“මේ ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැනගෙන ඉඳලා තියෙනවා. අපි විතරයි දන්නේ නැත්තේ. අපිට කිව්වේ නෑ. කිව්වා නම් අපිට බේර ගන්න තිබුණා මිනිස්සු අපිට. අහිංසක ජීවිත පූජා කරන්න වුණේ, අපිට කිව්වේ නෑ. බලකාමය නිසා බලය අල්ල ගන්න තියෙන කෑදරකම නිසා යටපත් කෙරුවා. ජනාධිපතිතුමාගෙන් පටන් අරන් එදා හිටපු ලොකු ම නිලධාරීනු ත් ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරියා. ඒක ඕනේ කමින් කළා. ඡන්දේ දිනා ගන්න ඕනේ නිසා. ඡන්දේ දිනා ගන්න ඕනේකම තිබුණා. ඒක තමයි ඒක පිටිපස්සේ තිබිච්ච චේතනාව.

අපි රට ආරක්ෂා කරනවා, රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕනෑ කරලා තිබුණා ඒ කට්ටියට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැත්නම් අපිට කියන්න තිබුණා නේ දැනගෙන හිටපු අය. මෙහෙම දෙයක් වෙන්න යනවා, ආරක්ෂා වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ අතරේ ලියුමක් බෙදා ගෙන ඒගොල්ලෝ ආරක්ෂා වුණා, නිලධාරීන් සියලු දෙනා ම, දේශපාලනඥයෝ බේරුණා. අහිංසක මිනිස්සුන්ව බිල්ලට දුන්නා.”

තම වගකීම ආරක්ෂක අංශයේ නිලධාරින්ද පැහැර හැර බව උන්වහන්සේ කියා සිටියා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42