spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක් මම අරගලයේ – කාදිනල් හිමි

ගාලු මුවදොර අරගලය නැවතුන ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය අත්නොහරින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනැමූ යූරෝ ලක්ෂයක මුදල ඔවුන්ට ලබාදීමේ අවස්ථාවට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා එය සඳහන්ව ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එමෙන්ම තමන් විසින් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් බවයි අගරදගුරු හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

උසස් පොලිස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටිය දී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ලකර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බව උන්වහසේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?