පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක් මම අරගලයේ – කාදිනල් හිමි

ගාලු මුවදොර අරගලය නැවතුන ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය අත්නොහරින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනැමූ යූරෝ ලක්ෂයක මුදල ඔවුන්ට ලබාදීමේ අවස්ථාවට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා එය සඳහන්ව ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එමෙන්ම තමන් විසින් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් බවයි අගරදගුරු හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

උසස් පොලිස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටිය දී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ලකර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බව උන්වහසේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02