AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ සාක්ෂිකාරයෙකුට ප්‍රහාරයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබේ.පහර කෑමට ලක්වූ ඒ මහතා මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි. ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර දඹුල්ල රෝහල් පොලිසියට ප්‍රකාශයක්ද ලබා දී තිබේ.

තමාට පහර දුන් පිරිස හඳුනාගත් බවත්, ඔවුන් පුබ්බෝගම හා අවට පදිංචිකරුවන් බවත්, 15දෙනෙකු පමණ වටවී තමන්ට එහිදී යකඩ පොලුවලින් පහර දුන් බවත්, ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට එරෙහිවී ඇති බව පවසමින් ඔවුන් තමන්ට පහරදුන් බවත් රිෂාම් මරූෂ් මහතා පවසයි.මේ වනවිට ඒ මහතාගේ නිවසට පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?