පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පණ යන්න කලින් හෙළිකරනවා

මේ ආණ්ඩුවට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කරන නිසා තමන්ටත් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාටටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී (21) දා පැවසීය .

සමසගි ජන බලවේගයේ බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ නව සංවිධායක සුසිලා ඩයස් මහත්මිය විසින් කැදවා තිබූ පක්ෂ ක්‍රියාකාරින්ගේ හමවුක ප්‍රධාන ආරාධිතයා ලෙසට සහබාගිවෙමින් හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය .

සමහර කරුණු එලියට දාන්න තියනවා මේ පාරෙ යනකොට ලොකු භයානක තත්වයක් ඇතිවෙලා.තියෙනවා .මට පාස්කු ප්‍රහාරය ගැන ලොකු මඩ ප්‍රහාරයන් මාධ්‍යවලින් ගැහුවා.

ඒකත් මට කොළඹට යන්න හේතවක් උනා .පාස්කු ප්‍රශ්නයට මුහුණ දෙන්න මට බදුල්ලේ ඉඳන්බැහැ .මම උපන්න වත්තල , වත්තල ,කඳාන , ජාඇල, මීගමුව,කකටාන කියන ආසන වල තමයි කතෝලික ජනයා වැඩියෙන්ම ඉන්නේ . පාස්කු ප්‍රහාරය මම සැලසුම්කලා කියල ගෙන ගිය ප්‍රචාර නිසා අපි බරපතල ගැටළු වලිට මුහුණ දුන්නා . මගේ දරුවට පාසැල් යන්න පවා බැරිඋනා .

නමුත් අද මොනවද වෙලාතියෙන්නේ .ඒ කියපු ඔක්කොටම දෛවයේ සරදමක්වෙලා අද මේරටටම සපායක් වෙලා මම කොහොම හරි ඇතුලට දාන්න උත්සාහකරනවා මම අද කියනවා මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ව​ගකියන්න ඕන .

ඒක අපි ඔප්පුකරලා පෙන්වනවා .හුස්ම යන්න කලින් මම ඒක කරනවා .මට අවශ්‍ය වන්නේ ඡන්ද ලක්ෂ 17 තියෙන ගම්පහ දිස්ත්‍රික්යෙන් පොරක් වෙන්න . බදුල්ලේ තියෙන්නේ ලක්ෂ 6 යි. මම ගම්පහ දිස්ත්‍රික්කයේ හරිහැටි ගේමක් ගැහුවොත් ලංකාවෙන්ම සජිත් මහත්තය වැඩිම මනාපය ගන්නකොට ගම්පහදිස්ත්‍රික්කයේ පළමුතැන මනාපය දිනාගෙන මමලංකාවේම දෙවැනි තැනට මනාප ගන්නවා .ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද නැතිව අපිට ලංකාවේ ඡන්දයක් දිනන්න බැහැ .

එදා පාස්කු ප්‍රහාරය ගැන මම කියපු දේවල් වගේ දේවල් අද පාදිලි උන්නාන්සෙත් කියනවා. ඇමතිපුතා බේරුනා අපේ මිනිස්සු මැරුනා කියනකොට මම කතෝලිකයෙක් හැටියට මගේ අම්මා කාතෝලිකයෙක් හැටියට අපි දැඩි අපහසුතාවට පත්වනා මාස 2ක් යනකොට මගේ තාත්තා මැරුනා .

ඒනිසා මම හිතුවා මට බැන්න තැනටම ගිහිල්ල මේ අභියෝගය ජයගන්න දැන් මට තේරෙනවා . මට බැන්න කඳාන ,මීගමුව , ජාඇල, කටාන , වත්තල ජනතාව පළමු මනාපය කරනම් ගහල දෙන්න දැන් සූදානම් වෙනවා යැයිද පැවසීය .

දැනට පවතින සිමෙන්ති හිගය සීනිඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වල මිලගණන් පොහාර ප්‍රශ්නය නිසා පවතින එලවළු මිල ඉහලටම යාම අධ්‍යාන ප්‍රශ්න හා ජීවන විදයම අහස උසට යාමනිසි ජනතාව දැඩි සේ පීඩාවට පත්ව සිටිනවා .

මේ තත්වය නිසා අවුරුද්දට පෙර මේ ආණ්ඩුව කඩාවැටෙනවා. යැයි ද පැවසීය .

සමගි ජන බලවේගයේ බදුල්ල නව ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ ඩී.වින්සන්ට් ඩයස් මහතාගේ බිරිද මෙන්ම හරින් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සිසුලා ඩයස් මහත්මියද මෙම හමුව අමතා කතා කළාය .

බදුල්ලේ පාලිත ආරියවංශ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34