AFC Banner
AFC Banner
Empty Ad

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පණ යන්න කලින් හෙළිකරනවා

මේ ආණ්ඩුවට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කරන නිසා තමන්ටත් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාටටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී (21) දා පැවසීය .

සමසගි ජන බලවේගයේ බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ නව සංවිධායක සුසිලා ඩයස් මහත්මිය විසින් කැදවා තිබූ පක්ෂ ක්‍රියාකාරින්ගේ හමවුක ප්‍රධාන ආරාධිතයා ලෙසට සහබාගිවෙමින් හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය .

සමහර කරුණු එලියට දාන්න තියනවා මේ පාරෙ යනකොට ලොකු භයානක තත්වයක් ඇතිවෙලා.තියෙනවා .මට පාස්කු ප්‍රහාරය ගැන ලොකු මඩ ප්‍රහාරයන් මාධ්‍යවලින් ගැහුවා.

ඒකත් මට කොළඹට යන්න හේතවක් උනා .පාස්කු ප්‍රශ්නයට මුහුණ දෙන්න මට බදුල්ලේ ඉඳන්බැහැ .මම උපන්න වත්තල , වත්තල ,කඳාන , ජාඇල, මීගමුව,කකටාන කියන ආසන වල තමයි කතෝලික ජනයා වැඩියෙන්ම ඉන්නේ . පාස්කු ප්‍රහාරය මම සැලසුම්කලා කියල ගෙන ගිය ප්‍රචාර නිසා අපි බරපතල ගැටළු වලිට මුහුණ දුන්නා . මගේ දරුවට පාසැල් යන්න පවා බැරිඋනා .

නමුත් අද මොනවද වෙලාතියෙන්නේ .ඒ කියපු ඔක්කොටම දෛවයේ සරදමක්වෙලා අද මේරටටම සපායක් වෙලා මම කොහොම හරි ඇතුලට දාන්න උත්සාහකරනවා මම අද කියනවා මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ව​ගකියන්න ඕන .

ඒක අපි ඔප්පුකරලා පෙන්වනවා .හුස්ම යන්න කලින් මම ඒක කරනවා .මට අවශ්‍ය වන්නේ ඡන්ද ලක්ෂ 17 තියෙන ගම්පහ දිස්ත්‍රික්යෙන් පොරක් වෙන්න . බදුල්ලේ තියෙන්නේ ලක්ෂ 6 යි. මම ගම්පහ දිස්ත්‍රික්කයේ හරිහැටි ගේමක් ගැහුවොත් ලංකාවෙන්ම සජිත් මහත්තය වැඩිම මනාපය ගන්නකොට ගම්පහදිස්ත්‍රික්කයේ පළමුතැන මනාපය දිනාගෙන මමලංකාවේම දෙවැනි තැනට මනාප ගන්නවා .ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද නැතිව අපිට ලංකාවේ ඡන්දයක් දිනන්න බැහැ .

එදා පාස්කු ප්‍රහාරය ගැන මම කියපු දේවල් වගේ දේවල් අද පාදිලි උන්නාන්සෙත් කියනවා. ඇමතිපුතා බේරුනා අපේ මිනිස්සු මැරුනා කියනකොට මම කතෝලිකයෙක් හැටියට මගේ අම්මා කාතෝලිකයෙක් හැටියට අපි දැඩි අපහසුතාවට පත්වනා මාස 2ක් යනකොට මගේ තාත්තා මැරුනා .

ඒනිසා මම හිතුවා මට බැන්න තැනටම ගිහිල්ල මේ අභියෝගය ජයගන්න දැන් මට තේරෙනවා . මට බැන්න කඳාන ,මීගමුව , ජාඇල, කටාන , වත්තල ජනතාව පළමු මනාපය කරනම් ගහල දෙන්න දැන් සූදානම් වෙනවා යැයිද පැවසීය .

දැනට පවතින සිමෙන්ති හිගය සීනිඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වල මිලගණන් පොහාර ප්‍රශ්නය නිසා පවතින එලවළු මිල ඉහලටම යාම අධ්‍යාන ප්‍රශ්න හා ජීවන විදයම අහස උසට යාමනිසි ජනතාව දැඩි සේ පීඩාවට පත්ව සිටිනවා .

මේ තත්වය නිසා අවුරුද්දට පෙර මේ ආණ්ඩුව කඩාවැටෙනවා. යැයි ද පැවසීය .

සමගි ජන බලවේගයේ බදුල්ල නව ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ ඩී.වින්සන්ට් ඩයස් මහතාගේ බිරිද මෙන්ම හරින් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සිසුලා ඩයස් මහත්මියද මෙම හමුව අමතා කතා කළාය .

බදුල්ලේ පාලිත ආරියවංශ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?