spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු දින පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු දිනය යෙදී තිබෙන අද (31) දින පෙරවරුවේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එහිදී පොලිස්පතිවරයා විසින් පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බැතිමතුන් සිහිපත්කර ඉටිපන්දම් දැල්වීමක් ද සිදුකරනු ලැබුවා.

අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුගේ සුවදුක් බැලීමට සහ එම ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ පවුලේ ඥාතීන්ගේ සුවදුක් බැලීමට ද පොලිස්පතිවරයා එක් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?