පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වැඩිම චෝදනා ඇතුළත් නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි ව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ වුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදියි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ.

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ දේශනයක් ඉදිරිපත් කළා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින ස්ථාන අටක දී එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහි ව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයි.

නඩුවේ 17 වැනි විත්තිකරු මියගිය අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි ව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් මෙම නඩුව චෝදනා වැඩිම සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාර්තාගත වන බවත් ඇය සඳහන් කළා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා.

මෙම නඩුව තුළින් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වී ඇති ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ ආකාරය ඇතුළු සිද්ධීන් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සී.සී.ටී.වී. දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි කියා සිටියේ.

ඉන් අනතුරුව අදාළ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නමැති නිලධාරිනිය ද සාක්ෂි ලබා දුන්නා.

ඇය ප්‍රකාශ කළේ පිපිරීම සිදු වූ දා පෙරවරු හයට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලට සේවයට වාර්තා කළ බවයි.

එදින “ඊස්ටර් බ්‍රන්ච්” යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් සංවිධානය කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් කියාසිටියා.

තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩි කරන අවස්ථාවේ දී අවන්හලේ ‘සී’ සහ ‘ඩී’ කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදු වූ බවත් ඇය පැවසුවා.

එම පිපිරීම සිදු වූ අවස්ථාවේ අවන්හල තුළ දැඩි අන්ධකාර ස්වභාවයක් හටගත් බවත් ඉන් පසුව තමා ‘සී’ කොටස කරා ඇදී යද්දී දෙවන බෝම්බය පිපිරී ගිය බව ද ඇය කියා සිටියා.

පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව ද ඇය කියා සිටියා.

මෙම පිපිරීම්වලින් තම හිසට තුවාල වූ අතර තමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බවයි ඇය සඳහන් කළේ.

ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ ව ප්‍රශ්න කළ බව කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් බවත් සඳහන් කළා.

සහරාන් නමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවත් ඇය කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විමසීම හෙට දින තෙක් කල් තැබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි ව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38