AFC Banner
AFC Banner
Empty Ad

පාසලේ ශිෂ්‍ය නායකයෙකුට පහරදීමක් – සිසුවා රෝහල්ගත කෙරේ

පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොල්පිතිගම සහ කුඹුක්ගැටේ පොලිස් ස්ථාන පවසනවා.

මෙම පහරදීම් ඊයේ දිනයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමේ සිද්ධියේ දී තුවාල ලබා ඇති පොන්නිලව මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඩී.තාරුක ඩිල්ෂාන් ප්‍රියංකර 19 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇති ශිෂ්‍යා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන බවත්, එම පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොණ්ඩය කපා පාසලට පැමිණෙන ලෙස ඊයේ පෙරවරුවේ උපදෙස්
ලබා දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

එදිනම සවස 7.45 ට පමණ තමන්ට පොන්නිලව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී පුද්ගලයින් දෙදෙනෙකු පහර දුන් බවත්, එසේ පහර දුන්නේ තමන් පෙරවරුවේ කොණ්ඩය කපා පැමිණෙන ලෙස අවවාද කළ සිසුවාගේ පියා සහ ඥාතියෙකු බවට හඳුනාගත් බව ද පහර කෑමට ලක් වූ සිසුවා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර ඊයේ දහවල් කාලයේ දී කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය තුළ දී එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අතින් පයින් පහරදීමක් සිදු
කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ එච්.එම්.ආර්.එම්.බණ්ඩාර නම් සිසුවා යි.

එම සිසුවා තලාකොළවැව – ඇලගමුව පදිංචිකරුවෙක්.

පහර කෑමට ලක් ව ඇති සිසුවා 1990 ගිලන් රථයකින් පොල්පිතිගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර; පසුව එම සිසුවා ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති නමුත් තමන්ට මෙතෙක් කිසිවෙකුගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව කුඹුක්ගැටේ පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?