පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහලට

කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අද (19) දින සිදු කළ ඩෙංගු මර්ධන වැඩසටහනකදී පාසලේ ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් පහර දීමෙන් පාසල් ළමුන් 07 දෙනෙක් සහ මව්වරුන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාසල් භූමිය තුල ශ්‍රමදාන කටයුත්තක් අතරතුර දී පාසලේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී ළමුන්ට සහ දෙමව්පියන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

1990 සුවසැරිය ගිලන් රථ සේවාව මඟින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්