හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුලදී පාසල් සිසුන් පිරිසක් තවත් සිසුවෙක්ට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සැක පිට (28) දින අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා.
මීට සති තුනකට පමණ පෙර එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, පසුව එම ගැටුමට පාසලේ ආදි ශිෂ්‍යෙයක් ද සම්බන්ධ වී ඇති බවයි හැටන් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
එම සිද්ධිය පාසලේදි සමතයකට පත් විමේන් පසුව එම පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමෙන් පසු පහර කැමට ලක් වූයේ යැයි කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) දින පස්වරුවේ හැටන් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම පැමිණිල්ල සම්බන්ධෆයන් විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිසියේ නිළධාරින් පහර දුන්නේ යැයි කියන සිසුන් දෙදෙනෙක් සහ ආදි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, පහර කෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා අද (29) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි හැටන් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.













