AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් ප්‍රවාහනයට නව බස් රථ සේවාවක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මේ සඳහා බස් රථ 40ක් පමණ අගෝස්තු 01 වනදා සිට බස්නාහිර පළාත තුළ යෙදවීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1955 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් හැකියාව පවතින බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?